අන්තර් ඒකක ටයිකොන්ඩෝ තරඟාවළිය 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු අන්තර් ඒකක ටයිකෝනඩෝ තරඟාවළිය පසුගිය 2017 දෙසෙැම්බර් මස 29 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහිදි පළමු වරට කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්‍ෂාංගය පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිවත්වයම හිමිකර ගැනීමට සමත්කම් දක්වන ලදී,

ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එමආර්කේ සමරසිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.