56 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි

56 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2018 ජනවාරි මස 01 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා  නිළධාරීතුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශක වරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 22 දෙනෙක්  ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් හා කැප්ටන් නිළයේ නිළධාරීන් දෙදෙනෙකු, ශ‍්‍රි ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් නිළයේ නිළධාරීන් දෙදෙනෙකු  සහ බංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් නිළයේ එක් නිළධාරීවරයෙකු සති 15 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2018 ජනවාරි මස 01 වන දින සිට 2018 අපේ‍්‍රල් මස 06 වන දින දක්වා පැවැත්වේ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.