කොළඹ ගුවන් හමුදා රෝහල විකලාංග ශල්‍යකර්ම අරඹයි

ශී‍්‍ර ලංකා කොළඹ ගුවන් හමුදා රෝහල කැපීපෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2018 ජනවාරි 08 වන දින විකලාංග ශල්‍යකර්ම සිදුකිරිම ඇරඹන ලදී.

මෙහිදී ජයවර්ධනපුර රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ කේ කරුණාරත්න, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ පණ්ඩුල හනන්ගල්ආරච්චි, කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් පීඒවී පද්මපෙරුම, වින්ග් කමාන්ඩර් ජීඑස්එස් පෙරේරා, වින්ග් කමාන්ඩර් ටී වී එස්එස් අල්විස්, ස්කොඩ්රන් ලීඩර් පීඩී රාජපක්ෂ හා ශල්‍යගාර කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2016 ජනවාරි 25 ආරම්භ කරන ලද මෙම ශල්‍යාගාරයෙහි  මේද ක්වා  ශල්‍යකර්ම සියයකට ආසන්න ප‍්‍රමාණයක් සිදුකරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.