පාසල් දරුවන් උදෙසා නායකත්ව පුහුණු වැඩසටහනක්

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ පාසල් දරුවන් උදෙසා නායකත්ව පුහුණු වැඩසටහනක් රත්නපුර ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේදී පසුගිය ජනවාරි මස 11 වන දින පැවැත්විනි. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට එක්විය.

දෙදින නායකත්ව පුහුණු වැඩසටහන තුල පාසල් දරු දැරියන්ගේ ආත්ම විශ්වාසය හා නායකත්ව හැකියාව වැනි ගුනාංග වර්ධනය කිරීම ප‍්‍රධාන අරමුණ විය. රත්නපුර දිස්ත‍්‍රික්කයේ පාසැල් 09 ක සිසු සිසුවියන් 400 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී විය.

 මෙම වැඩසටහනට සමගාමීව පල්ලෙබැද්ද, අඹේවිල, ශ‍්‍රී වජිරවංශ මහා විද්යාලෙය් සිසු දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමක්  ද ගුවන් හමුදාධිපති තුමන් අතින් සිදුවිය.
 
කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය



අඹේවිල, ශ‍්‍රී වජිරවංශ මහා විද්යාලෙය



දෙවන දින  නායකත්ව පුහුණු වැඩසටහන

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.