ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව හා දානමය පිංකම

ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව 2018 ජනවාරි මස 12 වන දින පවත්වන ලද අතර අනතුරුව 2018 ජනවාරි  මස 13 වන දින මහා සංඝරත්නය 18 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ.

ගුවන් හමුදා මඩකලපු කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සංජය විතාන මහතා විසින් සධාතුක කරඩුව වර්ණවත් පෙරහැරකින් වඩම්මවාගෙන විත් පිරිත් මණ්ඩපයේ තැන්පත් කරමින් පිරිත් දේශනාව ආරම්භ කල අතර පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.     

මෙම අවස්ථාවට ගුවන් හමුදා මඩකලපු කදවුරු  නිලධාරීන් සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිවිල් කාර්ය මණ්ඩලය ද සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.