බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් ගුවන්ධාවන පථ ආරක්‍ෂණ සහ ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාවක්

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ලබාදෙනු ලබන ගුවන්ධාවන පථ ආරක්‍ෂණ සහ ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාවක්  සඳහා බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයන් 10 දෙනෙකු 2018 පෙබරවාරි මස 22 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල වෙත පැමිණෙන ලදී.

බලංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඩ්‍්‍රන් ලීඩර් නිළයේ දෙදෙනෙකු, ෆලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ දෙදෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් තිදෙනෙකු සහ නායක ගුවන් භටයින් තිදෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වෙයි. පාඨමාළාව මාස දෙකක කාලයක් සඳහා සැලකසුම් කොට ඇති අතර 2018 මාර්තු මස 29 වන දින පාඨමාළාව අවසන් වෙයි.

කුරුමානම් ගැනීමේ පුහුණුව, සැහැල්ලු සහ බර අවි පුහුණුව, අත්බෝම්බ පුහුණුව, මාර්ග බාධක, ගොඩබිම් පුහුණව, භූමි ආරක්‍ෂණ සැලසුම්  සකස් කිරීම, ආරක්‍ෂක යාන්ත‍්‍රණය සහ ගුවන් කඳවුරු ආරක්‍ෂාව, පුද්ගල සටන් පුහුණුව  යන විෂය පරාසයන් ඔස්සේ මෙම පුහුණු පාඨමාලාව පැවැත්වීමට නියමිත වෙයි.

දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු විසින් පුහුණුවන්නන් පිළිගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.