ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පිබිදෙන පොලොන්නරුව ව්‍යාපෘතියට දායක වෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ආරම්භ කරන ලද ”පිබිදෙන පොලොන්නරුව” වැඩසටහන වෙනුවෙන් සිය දායකත්වය සපයමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පොලොන්නරුව දිස්ත‍්‍රිකක්යේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකරන ලදී.

2018 ජනවාරි මස 31 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, චතුරිකා සිරිසේන මහත්මිය සමග බුබුලේ සහ අරලගංවිල ප‍්‍රදේශයේ නිවාස දෙකක් සහ බකමූණ ප‍්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදු කරන ලදී. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහ, නිලදාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

2018 පෙබරවාරි මස 02 වන දින ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහ ගුවන් හමුදාධිපතිතුමන් වෙනුවෙන් අඹගස්වැව ”ග‍්‍රාමීය ප‍්‍රගති ශාලාව” ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට සහභාගී විය.

1934 වසරේදී අතිගරු ඩීඑස් සේනානායක මැතිතුමන් විසින් ඉදිකරවන ලද සංහජයපුර කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර සහ විද්‍යාගාරය අළුත්වැඩිය කටයුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබයි.

අරලගංවිල


බුබුලේ


බකමූණ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.