ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පළමු චෙස් වැඩමුළුව

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ චෙස් සංචිතය විසින් ශ‍්‍රී ලංකා චෙස් සංගමය සමගි එක්ව මෙහෙයවන ලද පළමු වැඩමුළුව 2018 පෙබරවාරි මස 08 වන දින විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සම්මත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරු හයක සාමාජිකයින් 20 දෙනෙකු සහභාගී වූ මෙම වැඩමුළුව වෘත්තීමය චෙස් පුහුණුකරු ෂෙල්ටන් විජේසූරිය මහතා සහ ප‍්‍රසන්න කුරුකුලසූරිය මහතා විසින් මෙහෙයවන ලදී.

ගුවන් හමුදා චෙස් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ඒ එන් විජේසිරිවර්ධන, ගුවන් හමුදා චෙස් සංචිතයේ ලේකම් විංග් කමාන්ඩර් ඩීපී තලකැටිය, ගුවන් හමුදා චෙස් සංචිතයේ සහකාර ලේකම් ස්කොඩ්‍්‍රන් ලීඩර් ඩබ්එම්කේඑන් වික‍්‍රමසිංහ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.