කොළඹ කඳවුරු කී‍්‍රඩා සම්මාන ප‍්‍රධානෝත්සවය

කොළඹ කඳවුරු කී‍්‍රඩා සම්මාන ප‍්‍රධානෝත්සවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි මස 19 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය.

මෙම සම්මාන ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන අරමුණ වූයේ 2017 වසරේ  අන්තර් ඒකක කී‍්‍රඩා තරගයන්හිදී කොළඹ කඳවුර වෙනුවෙන් ඔවුන් දැක්වූ සුවිශේෂි දක්ෂතා වන් අගය කිරීම හා  දිරිගැන්වීමයි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්,  ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කොළඹ කඳවුරු අනදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන, කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක් සහභාගී වන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.