ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණෙකළිය

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 67 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන  ප‍්‍රදර්ශනය හා සැණකෙළිය මාර්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා අමිපාර ගුවන් හමුදා කඳවුරේදි පවත්වන ලදී.  ගුවන් හමුදාධිපති තුමාගේ උපෙදස් අනුව මෙම ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය මහජනතාව හට නොමිලේ නැරඹිමට අවස්ථාව සලසා ෙදන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාෙග්  ආරාධනයෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා විසින් අමිපාර ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේ දි  2018 මාර්තු 03 දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදි.

 ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එස් කේ පතිරණ අතුළු ගුවන් හමුදාවෙි ජේෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලන් මෙන්ම අමිපාර ප‍්‍රදේශවාසි ජනතාවද මෙම විවෘත කිරිමෙි උත්සවය සදහා සහභාගි විය.

ගුවන් හමුදාවෙි කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සමිපත් ප‍්‍රදර්ශනය කිරිම මෙන්ම මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්වයන්හිදි හා ස්වාභාවික ව්‍යසනයන්හිදි ගුවන් හමුදාව ක‍්‍රීයාකර ඇති ආකාරය හා එම සේවාවන් අන්තර් ජාතික වශයෙන් සිදු කරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරිම සිදුකරන ලදී.

ප‍්‍රදර්ශනය හා සැණකෙළිය තුලින් ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනමි පැරිෂුටි සංදර්ශන, රෙජිමෙින්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිමි සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන සංදර්ශන, සරඹ සංදර්ශන, අතුළු සංස්කෘතික හා සංගිතමය වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. මෙම සංදර්ශනය සහ සැණකෙළිය දිනපතා පස්වරු 0200 ට ආරමිභ කරන අතර රාත‍්‍රි 1100 දක්වා පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.