බංගලාදේශ අන්තර් සේවා තේරීම් මණ්ඩල නියෝජතයින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

බංගලාදේශයේ අන්තර් සේවා තේරීම් මණ්ඩල නියෝජතයින් පිරිසක් 2018 මාර්තු මස 06 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

සංචාරක නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානී ලෙස බංගලාදේශයේ අන්තර් සේවා තේරීම් මණ්ඩලයේ සභාපති බි‍්‍රගේඩියර් එම්ඩී අන්වරුල් ඉස්ලාම් මහතා සහභාගි වූ අතර නියෝජ්‍ය සභාපති ලුතිනන් කර්නල් සෙයිඩ් මෂ්රුල් ඉස්ලාම්, මනෝවිද්‍යාඥ මේජර් සයිෆුල් පාෂා සහ භූමි පරීක්‍ෂක නිළධාරී ලුතිනන් කමාන්ඩර් සික්ධර් රබියුල් ඉස්ලාම් කණ්ඩායමේ අනෙකුත් නියෝජිතයන් ලෙස සහභාගී වූහ.

ආධුනිකයින් බඳවා ගැනීමේ කි‍්‍රයාපටිපාටිය පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම මෙම සංචාරයේ අරමුණ විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ තෝරා ගැනීමේ ක‍්‍රියාවලියේ මෙවලම් හා ශිල්පීය ක‍්‍රම ඇතුළුව දැනට පවත්නා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය, ප‍්‍රමිතීන්,  සලකා බැලීම් පිළිබඳ දැනුම සංචාරක ධුත පිරිසට ලබා දෙන ලදී. ගුවන් හමුදා ප‍්‍රධාන බඳවා ගැනීමේ නිලධාරී ගාාප් කැප්ටන් ඒජේ අමරසිංහ, වෛද්‍ය නිළධාරී විංග් කමාන්ඩර් සම්පත් හේවාවසම් සහ මනෝවිද්‍යාඥ ස්කොඩ්‍්‍රන් ලීඩර් චන්දන ඒකනායක  විසින් දේශන පවත්වන ලදී.

මෙම සංචාරය සිහිපත් කිරීම පිනිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කිරීමක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.