ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

2018 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2018 මාර්තු මස 07 වන දින විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ අනුදැම යටතේ වැඩසටහන කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී.

”අරුමැසි ගැහැණිය” නමින් ජනප‍්‍රිය අමා දිසානායක මහත්මිය විසින් ”ගීතය තුලින් ඇය දකිමු” තේමාව යටතේ පවත්වන ලද දේශනයෙන් වැඩසටහන ආරම්භ විය. එහිදී ඇය විසින් සිය ජීවන අත්දැකීම් සහ කාන්තාවකගේ ජීවිතයට වටිනා ඔවදන් ඇසුරින් කාන්තාවක්, බිරිඳක්, මවක් සහ සේවාකාන්තාවක් වශයෙන් සමාජයට මුහුණ දෙන ආකාරය පිළිබඳ දේශනය පවත්වන ලදී.

මදානි මල්වත්තගේ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද හාස්‍යය මුසු වේදිකා නාට්‍යයක් අනතුරුව පවත්වන ලදී.

මෙහිදී ඇතුල්වීමේ ත්‍යාග ලෙස ටී-ෂර්ට්, කැප්, රූපලාවන්‍ය උපකරණ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකු ත්‍යාග වවුචර් සහභාගීවූවන් හට හිමිවිය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, කාන්තා නිළධාරිනියන්, ගුවන් කාන්තාවන් සහ සේවා පුද්ගලයන්ගේ කාන්තාවන් මෙම අවස්ථාවට එක්වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.