ජපානයෙන් ගුවන් හමුදාවට තවත් ගිනි නිවන රථයක් සහ ගිලන් රථයක් ප‍්‍රදානය කෙරේ

ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් ප‍්‍රදානය කිරීම 2018 මාර්තු මස 07 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙහිදී ප‍්‍රදානය කරනු ලබන රථයන්හි ලියකියවිලි ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට මොටොසු සිංහ සමාජයේ සභාපති සුගියාමා ෆුමියාසු මහතා විසින් භාරදීම සිදු කරන ලදී.

මීට අමතරව සංචාරක ජපාන නියෝජිත පිරිස විසින් ඇස් කණ්නාඩි 300 ක්, ළමා ඇඳුම් 300ක් සහ ටෙනිස් පන්දු 1000 ක් සේවා වනිතා ඒකකය වෙත ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ඉතා අලංකාරවත් සංස්කෘතික සංදර්ශනයක් පැවත්වන ලදී. ජපාන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ සමාජික සහ මොටොසු සිංහ සමාජයේ සාමාජික වෛද්‍ය ලාල් තිලකරත්න මහතා සංචාරක කණ්ඩායමේ ප‍්‍රධානිය ලෙස කටයුතු කරන ලදී. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මන්ඩලය , නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.