එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකක බලඇණිය සදහා පදක්කම් ප‍්‍රදානය කිරීමේ උත්සවය

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 03 වන බලඇණියේ  සේවා පුද්ගලයින් තම රාජකාරීන් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ඔවුන් හට  පදක්කම් ප‍්‍රදානය කිරීමේ උත්සවයක් 2018 මාර්තු මස 23 වන දින එම ඒකක පරිශ‍්‍රයේදී පවත්වන ලදී.  සාමසාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් භටයින් 85 දෙනෙකු සහ බළඇණි අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ප‍්‍රසන්න කුරුවිට ඇතුළු නිලධාරීන් 19 දෙනෙකු හට කරන ලද සාර්ථක මෙහෙවර අගයමින් මෙහිදී පදක්කම්  ප‍්‍රදානය කරන ලදී.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක සහභාගී වූ අතර මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී ඒකකයේ කාර්යාල ප‍්‍රධානී, බලඇණි ප‍්‍රධාන ගුවන් සේවා නිළධාරී ඇතුළු ඒකක අණදෙන නිළධාරීන් මෙන්ම  බොහෝ සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සාම්ප‍්‍රදායික  හා සංස්කෘතික බෙර හා නර්තන අංගයන් ගෙන් සමන්විත සංස්කෘතික සංදර්ශනයක්ද පවත්වන ලදී.

මෙහිදී ඉදිරිපත් කරන ලද ගිනි වලලු නර්තනය සදහා පැමිණ සිටි සියලු දෙනාගේ ඇස යොමු විය. අවසාන වශයෙන් බලඇණියේ සේවා පුද්ගලයින් විසින් ශී‍්‍ර ලාංකීය ක‍්‍රමයට ආහරපාන පිලියෙල කර අමුත්තන් හට පිලිගැන්වූ අතර සංගීතයද ඒ අතරට එක් කරමින් ඔවුන් සතුටු කරන ලදී.



       
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.