යුධ ගුවන් හැන්ඩ් බෝල් අවසන් මහා තරගය අද

ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියකදී ප්‍රතම වතාවට පැවැත් වූ හැන්ඩ් බෝල් තරගාවලිය ඊයේ (15) රෝයල් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්නයේදී නිමාවට පත් විය.

මෙහි ප්‍රතම තරගය ශ්‍රී ලංකා යුධ හමුදාව හා නාවිකහමුදා කන්ඩායම් අතර පැවති අතර ඉන් ගෝල 24-08 ලෙස යුධ හමුදාකණ්ඩායම ජයග්‍රහනය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.ලබාගත් ගෝල 08 න් 07 කෝප්‍රල් රත්නායක විසින් ලබා ගැනීම කැපී පෙනෙන් සිදුවීමක් විය. ඉන් අනතුරුව නවතම අත්දැකීමක් වූ මෙම ක්‍රීඩාව ඉතා කෙටි කලක පුහුණුවකින් අනතුරුව නාවික හමුදාව හා තරගයට ප්‍රවිෂ්ඨ වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් ඉතා තරගකාරී ක්‍රීඩා විලාසයකින් අනතුරුව 15-14 ලෙස තියුණු ජයක් හිමි කර ගැනීමට ගුවන් හමුදා ක්‍රිඩක්යින් සමත් වුයේ සිය තරග ඉතිහාසයේ ප්‍රතම ජයග්‍රහනය වාර්තා කරමින්ය.

පලමු බාගය අවසන් වන විට 09-06 ලෙස තරගයේ ඉදිරියෙන් සිටිමට ගුවන් හමුදා ක්‍රිඩකයින් සමත් වූ අතර අවසානයේදි ගෝල 15-14 ලෙස තරගයේ ජය ගුවන් හමුදාව සතු විය.ගුවන් හමුදා කණ්ඩායමේ නායක කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ගෝල 15 න් 06 කට හිමිකම් කීමට සමත් වුහ.මේ අනුව ආරක්ෂක සේවා තරගාවලියෙ මුල් වරට පැවැත්වෙන හැන්ඩ් බෝල් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ගුවන් හමුදා කණ්ඩායම හා යුධ හමුදා කණ්ඩායම සුදුකම් ලබන අතර 16 වන දින සව්ස 1630 රෝයල්  විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත් වීමට සිය්ළු කටයුතු දැනට්මත් සුදාන්ම් කර අවසාන්ය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.