ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරගාවලිය - 2018

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2018 මාර්තු මස 29 වන දින පැවැත්විණි.

මෙහිදී පිරිමි සහ කාන්තා ශූරතාවයන් පිළිවෙලින් වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලදී. පිරිමි හා කාන්තා අනුශූරතාව පිලිවෙලින් බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුරු කණ්ඩායම හා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැල් කඳවුරු කණ්ඩායම සමත්කම් දක්වන  ලදී.

කුසලාන හා සහතිකපත් ප‍්‍රධානෝත්සවය සඳහා ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගී වූ අතර ගුවන් හමුදා හොකී සංචිත සභාපති එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ, අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

තරග ප්‍රතිපල
පිරිමි 11දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තරඟය
ශූරතාවය - වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල
අනුශූරතාවය - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුර

පිරිමි සත් සාමාජික තරගය
ශූරතාවය -ගුවන් හමුදා කොළඹ කඳවුර
අනුශූරතාවය - කටුනායක රෙජිමේන්තු පක්‍ෂාංගය

කාන්තා සත් සාමජික තරගය
ශූරතාවය -අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
අනුශූරතාවය - ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැල


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.