කොග්ගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ ”බක්මහ උළෙල”

පළමු වරට පවත්වන ලද ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ බක්මහ උළෙල කොග්ගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී 2018 මාර්තු මස 30 වන දින කොග්ගල ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ප‍්‍රභාත් මොල්ලිගොඩ සහ ගාල්ල දිස්ති‍්‍රක් බාලදක්ෂ කොමසාරිස් කර්නල් ආනන්ද අල්විස් (විශ‍්‍රාම* මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන් ප‍්‍රධාන බාලදක්ෂ කණඩායම් නායක ගෘාප් කැල්ටන් පමින්ද ජයවර්ධන සහ කොග්ගල ගුවන් බාලදක්ෂ කණ්ඩායම විසින් සංවිධානය කරන ලදී.

සම්ප‍්‍රදායික අවුරුදු ක‍්‍රිඩා රැුසක් මෙන්ම නිර්මාණාත්මක ක‍්‍රිඩා ඉසව් ගණනාවකින්ද අවුරුදු උලෙල සමන්විත විය. කොට්ටා පොර, කණාමුට්ටිය බිඳීම, නැටි කැඩීම, කිම්ස් තරඟ සහ කඹ ඇදීම ආදී තරඟ ඉසව් කිහිපයක්ම පවත්වන ලදී. එසේම විකට ඇඳුම් තරඟය කාගේත් නෙත් සිත් ඇද ගත් තරඟ ඉසව්වක් විය. ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම ප‍්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරන ලදී. කොග්ල ගුවන් හමුදා කඳවුරු ගුවන් බාලදක්ෂයන් ඇතුළු පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.