ආරක්‍ෂක සේවා අත් පන්දු ශූරතාවය යුධ හමුදාවට, අනුශූරතාවය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා යුධ හමුදාව අතර ඊයේ (සැප්. 16) කොළඹ රාජකීය විද්‍යයාලීය ක‍්‍රීඩා සංකීර්ණයේ පැවති ආරක්‍ෂක සේවා අත් පන්දු අවසන් මහා තරඟය ඉතා තියුණු හා සටන්කාමී තරඟයකින් අනතුරුව යුධ හමුදා කණ්ඩායම විසින් ජයග‍්‍රණය කරන ලදී.

මෙම තරඟයේදී දෙපිළම ඉතා තියුණු හා විශිෂ්ට අයුරින් ක‍්‍රීඩා කල අතර දෙපිලේම ක‍්‍රීඩකයින් තමන්ගේ අභිමානය, අප‍්‍රතිහත ධෛර්‍‍යය, විදහා දක්වමින් ක‍්‍රීඩා කරන ලදී. මෙහිදී යුධ හමුදා කණ්ඩායමේ දැල් ආරක්‍ෂක ක‍්‍රීඩකයා තම සුවිශිෂ්ට දස්කම් විදහා පාමින් දැල් රැකීමේ කාර්යයෙහි නිරත විය.

ගුවන් හමුදාව අත් පන්දු ක‍්‍රීඩාවට අවතීර්ණ වූයේ මීට මාස තුනකට පමණ ඉහතදී වන අතර මාස තුනක වැනි කෙටි කාලයක් තුළදී ක‍්‍රීඩාවේ දක්වන ලද ප‍්‍රගතිය අති විශිෂ්ට වෙයි. එසේම අත්දැකීම් වලින් සපිරි නාවික හමුදා ක‍්‍රීඩකයින් පරදවා අවසන් තරඟයට සුදුසුකම් ලැබීම හා අවසන් තරඟයේදී ජාත්‍යන්තර අත්දැකීම් පවා ලබා ඇති යුධ හමුදා කණ්ඩායමට තියුණු තරඟයක් ලබා දීම ගුවන් හමුදාව අත් පන්දු ක‍්‍රිඩාවේ පැහැබර අතාගතයකට හිමිකම් කියන බව පෙන්වා දෙයි.

21-13 ක් ලෙස අවසන් තරඟයේ ප‍්‍රථිඵලය ලකුණු පුවරුවේ සටහන් විය.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.