මිනුස්කාහි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණිය මගින් හෙලිකොප්ටර් මගින් භාණ්ඩ එල්ලාගෙන යාමේ මෙහෙයුමක්

මධ්‍යම අප‍්‍රිකානු ජනරජය තුළ එක්සත් ජාතීන්ගේ බහුජාතික ඒකාබද්ධ ස්ථාවරකරණ මෙහෙයුම යටතේ යොදවා ඇති ප‍්‍රංශයේ නියමුවන් රහිත ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක් කරන ලදුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය මගින් 2018 මාර්තු මස 29 වන දින සොයා ගන්නා ලදී. මිනුස්කා එක්සත් ජාතීන්ගේ හමුදා මූලස්ථානය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බල ඇණිය මගින් මෙම මෙහෙයුම මෙහෙයවන ලද අතර ඒ සඳහා  එම් අයි 171 එස්එච් හෙලිකොප්ටර් යානය භාවිතා කොට ඇත.

මෙම හදිසි ගොඩබෑම සිදුකොට ඇත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා "බ්රියා" කඳවුරට කි.මි 168 ක් දුරින් පිහිටි "බකාලා" නම් කැලෑ ප‍්‍රදේශයකටයි.

මෙම මෙහෙයුම සඳහා ප‍්‍රංශ විශේෂ බලකාය, පෘතුගාල විශේෂ බලකාය හා පාකිස්ථානු යුධ හමුදා කන්ඩායම්ද එක්වූ අතර "බම්බාරි" මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට මෙහෙයුම කි‍්‍රයාත්මක කරණ ලදී. මෙහයුමේ නායකත්වය ගෙන කටයුතු කරන ලද්දේ  ප‍්‍රධාන නියමු නිළදාරි  විංග් කමාන්ඩර් රසාංග ද සොයිසා විසින් වන අතර ස්කොඩ්රන් ලීඩර් විරාජ් වීරමන් උප නියමු නිළදාරි  වශයෙන් කටයුතු කරන ලදී.

මෙම මෙහෙයුමෙන් අනතුරුව මිනුස්කා හමුදා මූලස්ථානය විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ගේ, ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සහ ගුවන් අවිකරුවන්ගේ වෘත්තීය නිපුණත්වය හා කැපවීම ඇගයීමට ලක්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.