චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පිංකමක්

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් සිය 57 වන සංවත්සරය උදෙසා සහ ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කලල ආබාධිත තත්වයට පත්වූ ගුවන් හමුදා විරුවන් සහ ගුවන් හමුදාධිපතුමන් ඇතුළු ගුවන් හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන්, සහොදර හමුදාවන්ට සහ සියළුම රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් දේශනාවක් සහ දහවල් සංඝගත දානමය පිංකමක් පසුගිය 2018 අපේ‍්‍රල් මස 03 වන දින අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

පිරිත් සජ්ජායනාව සඳහා ස්වාමීන්වහන්සේලා වැඩම කරවීම සහ ධාතු කරඬුව වැඩම කිරීම අලංකාර දේශීය නර්තන අංගයන්ගෙන් සමන්විත පෙරහැරකින් සිදු කරන ලදී. චීනවරාය විද්‍යාපීඨයේ පක්‍ෂාංග අණදෙන නිළධාරීන්, නිළධාරීන්, සෙසු නිළයන්, සියළුම පුහුණුවන්නන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.