අන්තර් ඒකක බොක්සිං තරගාවලිය - 2018

අන්තර් ඒකක බොක්සිං තරගාවලිය 2018 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී (2018 අපි‍්‍රයල් මස 05) පැවැත්වුණු අතර එහි පිරිමි අංශයේ ශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක රෙජිමේන්තු පක්ෂාංග කන්ඩායම දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ ශූරතාවය ඒකල වෘත්තීය පුහුණු පාසල දිනා ගැනීමට සමත්විය.

මෙම තරගාවලියේ කාන්තා හා පිරිමි අනුශුරතාවය පිළිවලින් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කන්ඩායම හා ගුවන් හමුදා කටුනායක සැපයුම් හා නඩත්තු අංශය හිමිකර ගන්නා ලදී.

තරගාවලියේ හොදම බොක්සිං කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් ලෙස පිළිවෙලින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කන්ඩායමේ කැඩෙට් නිළධාරී සින්දුජාන් කේ සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක සැපයුම් හා නඩත්තු අංශයේ නායක ගුවන් කාන්තා සමරසිංහ එස් කේ එස් කේ යන අය නම් කරනු ලැබීය.

මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය නිළධාරීතුමන් සහභාගී වූ අතර ගුවන් හමුදා බොක්සිං සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ක්ලයිඞ් වීරකෝන් කටුනායක කදවුරේ අණදෙන නිළධාරී එයාර් වයිෂ් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ඇතුලු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.