ස්කෝර්පියන් ෂොට්ගන් ශූරතාවය - 2018

ස්කෝර්පියන් වෙඩිතැබීමේ සමාජය විසින් සංවිධානය කරන ලද ස්කෝර්පියන් ෂොට්ගන් ශූරතාවය -2018 2018 අපේ‍්‍රල් මස 06 සිට 08 වනදා දක්වා ගනේමුල්ල යුධ හමුදා වෙඩි පිටියේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් කාන්තාවන් 05 දෙනෙකු තරඟාවළිය සඳහා සහභාගී වූ අතර නායක ගුවන් කාන්තා මේඛලා ඒටී කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගන්නා ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද‍්‍ර විජේගුණරත්න ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ත්‍යාග ප‍්‍රදානෝත්සවය 2018 අපේ‍්‍රල් මස 08 වන දින ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මද්‍යස්ථානයේදී පවත්වන ලදී.

තරඟාවළිය සඳහා සහභාගී වූ ගුවන් හමුදා ක‍්‍රීඩිකාවන්

කෝප‍්‍රල් විද්‍යාරත්න ඩබ්එම්එස්
නායක ගුවන් කාන්තා මුදුන්කොත් එම්ජීඩීපීකේ
නායක ගුවන් කාන්තා මේඛලා ඒටී
නායක ගුවන් කාන්තා පි‍්‍රයදර්ශනී කුමාරි ආර්එම්එස්
නායක ගුවන් කාන්තා සමුද‍්‍රිකා එල්ඩීඑස්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.