පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

විසිඑක් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් 2018 අපේ‍්‍රල් මස 16 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. පාකිස්තානු යුධ, නාවික, ගුවන් හමුදාවන්හි ජ්‍යේෂ්ඨ නිළධාරීන් හා සිවිල් ශිෂ්‍යයින් ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම තමන්ගේ  පාඨමාලාවේ විදේශ අධ්‍යාපන සංචාරයේ එක් අංගයක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සංචාරය කරන ලදී.

මේජර් ජෙනරාල් ෆයාස් හුසේන් ෂාහ් මහතා මෙම සංචාරක කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලදී. මෙම නියෝජිත පිරිස ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ විසින් සිදු කරන ලදී.

මානුෂීය මෙහෙයුම් සමයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කරන ලද ගුවන් හමුදා මෙහෙයුම් හා නූතන සංවර්ධනය පිලිබදව දේශනය,   ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගෲප් කැප්ටන් සම්පත් වික‍්‍රමරත්න විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන්ද සහභාගී වූහ.

ඉන් අනතුරුව නියෝජිත පිරිසේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් ෆයාස් හුසේන් ෂාහ් මහතා, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මොහාන් ද සොයිසා මහතා හමුවිය. අවසානයේ දෙපාර්ෂවය අතර සමරු ඵලක හවමාර කර ගැනීමක්ද සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.