ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ තුන්වන නිවාසය ප‍්‍රදානය සිදු කෙරේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද තුන්වන නිවස සේවයේ යෙදීසිටියදී මියගිය එයාර් කොමඩෝර් එච් බී ජේ ඩී කරුණාරත්න මහතාගේ බිරිඳ හා දරුවන් හට ප‍්‍රධානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2018 අපි‍්‍රයල් මස 23 වන දින කැස්බෑව ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කොළඔ ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, කොළඔ  ගුවන් හමුදා කඳවුරේ  අණදෙන නිලධාරී එයාර් කොමඩෝර්  වරුණ ගුණවර්ධන,  නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.