ගුවන් හමුදා වෙසක් බැති ගී සරණිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවාවනිතා ඒකකය හා ගුවන් හමුදා කොළඹ කඳවුර එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා 'වෙසක් බැති ගී සරණිය 2018' මෙවරත් කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පවත්වනු ලැබීය.

වෙසක් බැති ගී සරණියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශලිනි වෛද්‍යරත්න මැතිනිය සහභාගි වු අතර එතුමිය එම අවස්ථාව සඳහා පිළිගනු ලැබුවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය විසිනි.

ගුවන් හමුදා සංගීත කන්ඩායම හා එක්ව ගායන ශිල්පීන් රැසක් බෞද්ධ ගීත 13 ක් ගායනා කරමින් ගුවන් හමුදා වෙසක් බැති ගී සරණිය ගීතවත් කරන ලදී. මෙහිදී 'වෙස්සන්තර ජාතකය' නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමද සිදුකරන ලද අතර ගුවන් හමුදාවේ විවිධ අංශයන් මගින් නිර්මිත දර්ශණීය පහන් කූඩු නැරඹීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ආරාධිත අමුත්තන් කැදවාගන යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිශ් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් හා පවුල්වල සාමාජිකයන්, නිළධාරීන්, සිසු නිළයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්  රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මීට අමතරව සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද 'ඔසු පැන් දන්සැල'  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශලිනි වෛද්‍යරත්න මැතිනියගේ සුරතින් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනය ඉදිරිපසදී පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.