ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ස්මාර්ට් හැඳුනුම්පත් භාවිතය අරඹයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් සඳහා හඳුන්වා දුන් නව ස්මාර්ට් හැඳුනුම්පත් භාවිතය ආරම්භ කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2018 මැයි මස 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

මුද‍්‍රණය කරන ලද පළමු සුමාර්ට් හැඳුනුම්පත ගුවන් හමුදා වැඩබලන පරිපාලන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගන්වන ලදී.

ස්මාර්ට් හැඳුනුම්පත් වැඩසටහන ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් වන අතර එය ගුවන් හමුදා ප‍්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිළධාරී එයාර් කොමඩෝර් ඒඑස් විතානගේ මග පෙන්වීම යටතේ ගුවන් හමුදා තොරතුරු තාක්‍ෂණ අංශයේ ස්කොඩ්‍්‍රන් ලීඩර් ආර්එම්ඩීටී කුමාර විසින් සකස් කිරීම සිදු කරන ලදී.

මෙම නව හැඳුනුම්පත ස්මාර්ට් චිපයකින් සමන්විත වන අතර එහි කේතනය කරන ලද පුද්ගල දත්ත ගබඩා කොට ඇත. මෙලෙස කේතනය කොට ඇති බැවින් මෙම හැඳුනුම්පත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ජාලය තුළ පමණක් භාවිතා කළ හැක. මෙම නව ස්මාර්ට් හැඳුනුම්පත හඳුන්වාදීමේ මූලික අරමුණ වූයේ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ගුවන් හමුදා පරිහ‍්‍රයන් තුළට ඇතුල්වීමේදී සහ ඉන් පිටවීමේදී ඇතිවන අනවශ්‍ය කාලය වැයවීම වලක්වා ගැනීමයි. තවද, මෙම කාඩ්පත ගුවන් හමුදාවේ භාවිතා කරන අනෙකුත් තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා ආරක්‍ෂාව සහතික කිරීමේ ක‍්‍රමයක් ලෙසද භාවිතා කළ හැකිය.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ නිළධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.