ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩකයින් ආරක්‍ෂක සේවා බොක්සිං තරඟාවළියේදී දක්‍ෂතා පෙන්වයි

10 වන ආරක්‍ෂක සේවා ක‍්‍රිඩා උළෙලේ බොක්සිං තරඟාවළිය 2018 මැයි 09 සිට 2018 මැයි 10 වෙනිදා දක්වා කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී. ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් 46 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී සහභාගී වූහ. මෙහි ශූරතාවය ශ‍්‍රී ලාක යුධ හමුදාව විසින් දිනාගනු ලැබූ අතර අනුශූරතාවය නාවික හමුදාවට හිමිවිය. මෙහිදී ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 6 ක් සහ ලේකඩ පදක්කම් 5 ක් දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී. කාන්තා කණ්ඩායම මෙහිදී සම ශූරතාවය දිනා ගන්නා ලදී. තරඟාවළියේ කාන්තා සහ පිරිමි අංශයෙන් දක්‍ෂතම පරාජිතයන් වශයෙන් පිළිවෙලින් නායක ගුවන් කාන්තා ඩබ්ඩබ්ර්කේ තිවංකා සහ නායක ගුවන් භට අයිපීඩීසී උදය කුමාර සමිමාන දිනා ගන්නා ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී සහ ගුවන් හමුදා මළල ක‍්‍රිඩා සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් සෙසු නිළයන් ඇතුළු රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.