ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ වාර්ෂික පරීක‍ෂණය 2018

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 මැයි මස 11 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය සිදු කරන ලදී.

චීන වරාය විද්‍යාපීඨ කඳවුරේ පිඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් කඳවුරු පරිශ්‍රයට ගුවන් හමුදාධිපතිතුමන් පිලිගන්නා ලදී.

ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුළ කල විශිෂ්ඨ සේවාව වෙනුවෙන් 33662 නායක ගුවන් භට කුමාර ඩබ්ඩීපී, ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.

කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය පැවැත්වූ අතර එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ නව ශ‍්‍රවණාගාරය විවෘත කිරීමද සිදු කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණයෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සියලු දෙනා අමතමින් කඳවුරේ සිදු කර ඇති සියලු කාර්යයන් සහ ඒ සඳහා දායක වූ සියලූ දෙනාට ස්තුතිය පලකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.