ඒකල ගුවන් හමුදා කඳවුරේ ගුවන් බාලදක්ෂ සාමාජිකයින් බඳවාගැනීමේ වැඩසටහනක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ ඒකකය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ ගම්පහ ප‍්‍රදේශයේ පාසල් දරු දැරියන් හට ගුවන් බාලදක්ෂයින් හා එක්වීමට අවස්ථාව සලසා දෙමින් ගුවන් බාලදක්ෂ බඳවා ගැනීමේ වැඩපිළිලවෙලක් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී 2018 මැයි මස 12 වන දින පවත්වන ලදී. ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ නායකයින් විසින් පවත්වනු ලැබූ ආධුනික බාලදක්ෂයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීෂක්‍ණය සඳහා පාසල් දරු දැරියන් 184 දෙනෙකු පමණ සහභාගී වූහ. වැඩසටහන අතරතුර, දෙමාපියන් සහ දරුවන් දෙපිරිසම සඳහා ගුවන් බාලදක්ෂ පිළිබඳ හඳුන්වාදීමේ සැසියක් පවත්වන ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එම්ජේආර් පෙරේරා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.  ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ නායකයින් සහ  ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.