ආරක්‍ෂක සේවා කබඩි තරඟාවළියේ සමස්ථ ශූරතාවය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කබඩි කණ්ඩායම් 10 වන ආරක්‍ෂක සේවා කබඩි තරඟාවළියේ ශූරතාවයන් ද්විත්වයම දිනාගැනීමට පසුගියදා සමත්කම් දක්වන ලදී. තරඟාවළිය 2018 මැයි මස 14 සහ 15 යන දිනයන්හිදී පනාගොඩ යුධ හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලදී. පිරිමි අවසන් මහා තරඟයේදී ගුවන් හමුදා කණ්ඩායම විසින් යුධ හමුදා කණ්ඩායම 31-26 ක් ලෙස පරාජයට පත් කරන ලද අතර කාන්තා අවසන් තරඟයේදී ගුවන් හමුදා කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම 35-28 ක් ලෙස පරාජය කරන ලදී.

බටහිර ආරක්‍ෂක සේවා මූලස්ථාන ආඥාපති සහ ශ‍්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් කමඩාන්ට් මේජර් ජෙනරාල් එස්ඩීටී ලියනගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක, ගුවන් හමුසා ක‍්‍රීඩා කවුන්සිල ලේකම් ගෲප් කැප්ටන් පීඑන් ද කොස්තා, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්  සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.