නව පීටී6 ගුවන් යානා හයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට

නව පීටී6 ගුවන් යානා හයක් (06* මිලදී ගැනීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා චීනයේ නැන්චැන්ග් හි හොන්ග්ඩු ගුවන් යානා කර්මාන්ත සමාගම (AVIC) සමග 2018 මැයි මස 15 වන දින ගිවිසුම් අත්සන් කරන ලදී.

ගුවන් හමුදාව සිය පීටී6 ගුවන් යානා සදහා අළුතින් හදුන්වාදුන් වර්ණ මෙම නව ගුවන් යානා සදහාද ආලේප කොට ඇති අතර එම ගුවන් යානාවන් නිරීක්‍ෂණය සහ පරීක්‍ෂණ පියාසැරීන් ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරුවන් සහ නියමුවන් විසින් සිදු කරනු ලදී. එම යානාවන්ගේ පරීක්‍ෂණ වාර්තා අනුව ගුවන් යනා ගුවන් හමුදා ගුවන් යානා මෙහෙයුම් සදහා එක්කරගනු ලබයි.

මෙම ගුවන් යානාවන් චීනවරාය ගුවන් හමුදා විද්‍යෘපීඨයේ ස්ථාපිත අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගය වෙත අනුයුක්ත කරනු ලබන අතර ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුවන් සදහා යොදා ගැරනීමට නියමිත වෙයි.

චීන ජාතික ගුවන් තාක්ෂණික ආනයන සහ අපනයන සමාගමේ (CATIC) නියෝජ්‍ය සභාපති ලියු ජියාන්හයි මහතා, සමග ගිවිසුම අත්සන් කරනු ලැබූ අතර හොන්ග්ඩු ඇවික් සමාගමේ නියෝජ්‍ය සභාපති ෂෙන්ග් ටැන්ජි මහතා එහි සාක්‍ෂි පාර්ෂවය වෙනුවෙන් අත්සන් තබන ලදී.

මෙහිදී ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ ගුවන් හමුදාධිපතිතුමන් සමගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ කැතික් සමාගම සමග සිදු කරනු ලබන ගුවන් යානා සමුපූර්ණ නඩත්තු කිරීමේ පක්‍ෂාංගයේ නිරීක්‍ෂණ චාරිකාව සදහා එක්විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.