විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රධානෝත්සවය 2018

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාපතිවරුන් හා හමුදා ප්‍රධානීන් 50 දෙනෙකු හට 'විශිෂ්ඨ සේවා විභූෂණ' පදක්කම ප්‍රධානය කිරීමේ වර්ණවත් උත්සවයක් (2018 මැයි 19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළුව යුධ, ගුවන් හා නාවික හමුදාධිපති වරුන් හට මෙම පදක්කම පිරිනමනු ලැබූඅතර මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මියද සහභාගී විය.

ත්‍රිවිධ හමුදාවන්හී නිත්‍ය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ විශිෂ්ඨත්වයෙන් හා ගෞරවාන්විතව කරනු ලැබූ පක‍ෂපාතී සේවාව අගයමින් මෙම විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමල ප්‍රධානය කරනු ලැබීය. ජාතික දින පෙලපාළියකදී හෝ ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලබන උත්සවයකදී මෙම පදක්කම පිරිනමනු ලබන අතර මෙම පදක්කම ප්‍රධානය කල දිනයේ සිට පදක්කමිලාභීන් හට විශිෂ්ඨ සේවා විභූෂණය යන සංකේතය තම නම ඉදිරියෙන් භාවිතා කිරීමට හැකියාව ලැඛෙනු ඇත.

විශ්‍රාමික ගුවන් හමුදා නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එම්එල්කේ පෙරේරා මහතා ද මෙම පදක්කමින් පිදූම් ලැබීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.