ජාතික රණවිරු සැමරුම් උත්සවය 2018

මාතෘ භූමියේ ස්වෛරීත්වය සුරකිනු වස් මාතෘ භූමියේ නාමයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් හට සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පසුගිය 2018 මැයි මස 19 වන දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගන පරිශ‍්‍රයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රණවිරු සේවා අධිකාරිය විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කරන ලදී. ජාතික ගීය ගායනයෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරන ලද අතර රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ආරාධිත අමුත්තන් උපහාර උත්සවය සඳහා පිළිගනිමින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදී. දිවිපුදූ රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව දිවි පිදූ සහ දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන් හට සෙත්පතා සර්ව ආගමික වතාවත් සිදුකරන ලදී.

අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් මියගිය රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලද අතර පිළිවෙලින් පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය, හිටපු යුධ හමුදාධිපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර‍්‍ර විජේගුණරත්න, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහෙෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දක්වන ලදී.

මෙහිදී ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ තූර්ය වාදක කණ්ඩායම් විසින් සාම්ප‍්‍රදායික ”රණබෙර” සංදර්ශනයක්ද පවත්වන ලදී.

අවසාන වශයෙන් සියළුම රණවිරුවන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ අවසන් උපහාරය දක්වමින් උත්සවයේ වැඩ කටයුතු නිමා කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.