ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 මැයි 25 දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.

කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ඩබිආර් චන්දිම විසින් අණදුන් පෙළපාලියක් මගින් ගුවන් හමුදාපතිතුමන් කදවුර වෙත සුහඳව පිළිගන්නා ලදි.

කදවුරේ සියලූම ස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂා කල අතර  අභිනවයෙන් ඉදිකරණ ලද ගුවන් භට හා ගුවන් කාන්තා භෝ්ජනාගාරය විවෘත කරණ ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් දැක්වූ පුර්ණකාලීන දායකත්වය වෙනුවෙන් බලපන්ති සැරයන් සේනානායක ආර් එම් සී (මෙහෙයුම් භූමි i)  බලපන්ති සැරයන් පි‍්‍රයන්ත කුමාර ආර් (මෙහෙයුම් භූමි i) සැරයන්  අමරසිංහ එස් ඩී එච් (මෙහෙයුම් භූමි i) කෝප‍්‍රල් බස්නායක බී එම් එස් කේ (මෙහෙයුම් භූමි i)  සහ සිවිල් සේවක සරත් ගාමිනී  මහතා  ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව කදවුරේ සියලූම නිළධාරීන් සෙසු නිළයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා කදවුර උසස් මට්ටමකට ගෙන ඒම සදහා ලබා දී ඇති දායකත්වය කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව තම ප‍්‍රසාදය පලකරණ ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.