ගුවන් හමුදා කෞතුකාගාරයේදී වැඩසටහන් මෙහෙයවීම පිළිබද වැඩමුළුවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂකය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා නිවේදකයන් සදහා වැඩසටහන් මෙහෙයවිම පිළිබද සිව්දින වැඩමුළුවක් පසුගිය 2018 මැයි මස 26 වන දින සිට 29 වන දින දක්වා රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාර ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ප‍්‍රවීණ දේශකයන් දෙපලක් වන සමීන් එම්. සලීම් මහතා සහ අර්ෆත් එම්. සලීම් මහතා විසින් දේශන මෙහෙයවන ලදී. සමීන් හම්. සලීම් මහතා මනෝ සිතියම් වාත්තිකයෙක් සහ පුහුණුකරුවෙකි.  ඔහු අන්තර්ජාතික ටෝස්ට්මාස්ටර්ස් සංවිධානයේ සාමාජිකයෙකු වන අතර එම සංවිධානය ලෝක ව්‍යාප්ත පුද්ගලයන් ඵලදායී සන්නිවේදකයන් සහ නායකයන් බවට පත්කිරීමේ ලාභ නොලබන සංවිධානයකි. ඔහු 2004 වසරේදී අයිඊඑස්එල් ටෝස්ට්මාස්ටර්ස් සමාජියේ වරලත් සාමාජිකයෙකු ලෙස ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය හා සම්බන්ධ වෙයි. ඔහු එම සමාජයේ තුන්වන සභාපතිවරයාද වෙයි.

අර්ෆත් සලීම් මහතා අධි-බලපෑම් පුහුණු සහ සංවර්ධනයේ වසර 5 කට අධික අත්දැකීමක් ඇති මානව සම්පත් වෘතිතිකයෙකි. ඔහු අන්තර්ජාතික ටෝස්ට්මාස්ටර්ස් ආයතන කථික ලෝක ශූරතාවලියේ අවසන් තරඟය සදහා සහභාගී වූ ලාබාලතම තරඟකරුවා බවට 2015 වසරේදී පත්විය. ඔහු ලෝකයේ හොදම තරඟකාරී කථිකයන් 10 දෙනාගේන එක් අයෙකුද වෙයි.

වැඩමුළුවේ සහතික පත් ප‍්‍රදානය 2018 මැයි මස 29 වන දින ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදී. රත්මලාන ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රවින්ද‍්‍ර ලියනගමගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගි විය. රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් නිහාල් ජයසිංහ ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍සක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න යන නිළධාරීහුද මෙම අවස්ථාවට එත්වූහ. මෙහිදී, සිව්දින වැඩමුළුවට සහභාගී වී ඉන් ලත් දැනුම ආශ‍්‍රයෙන් තම හැකියාවන්  ඉදිරිපත් කරමින් වැඩමුළුවට සහභාගී නිළධාරීන් විසින් සහතික පත් ප‍්‍රදානය කිරීමේ උත්සවය මෙහෙයවන ලදී.

මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිවේදක ශිල්පීන් හට වැඩසටහන් මෙහෙයවීම පිළිබද විධිමත් පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව වශයෙන් ඉතිහාසගත වෙයි. මෙම වැඩමුළුව සදහා ස්කොඩ්රන් ලීඩර, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සහ ෆ්ලයින් ඔෆිසර් නිළයේ නිලධාරී නිළධාරිනියන් 20 දෙනකු සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.