මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන්හි නිරත එම්අයි 17 හෙලිකොප්ටර් යානා ආදේශනය කෙරේ

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්හි දෙවන ආදේශනය කිරීම පසුගිය 2018 මැයි මස 30 සිට ජූනි මස 02 වන දින දක්වා සිදු කරන ලද අතර මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඒඑන්-124 ප‍්‍රවාහන ගුවන් යානාවක් ආධාරයෙන් සිදු කරන ලදී.

මෙම හෙලිකොප්ටර් යානාවන් දෙක 2014 වසරේ සිට මධ්‍යම අපි‍්‍රකාවේ  සාම සාධක රාජකාරීන් සඳහා යොදා ගනු ලැබූ අතර නියමිත රාජකාරී කාලසීමාවෙන් අනතුරුව මෙම ආදේශනය කිරීම සිදු කරන ලදී. මෙම හෙලිකොප්ටර් ආදේශනය කිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අංශය විසින් සම්බන්ධිකරණය කරන ලද අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකතුමන්  ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂකතුමන් හා සැපයුම් අධ්‍යක්‍ෂකතුමන් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.