භාතිය හා සන්තුෂ් සමග උමාරියා සජීවී ප‍්‍රසංගය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට ආධාර පිණිස භාතිය හා සන්තුෂ් සමග උමාරියා සජීවී ප‍්‍රසංගය ජූනි මස 09 වන දින ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ශිකව සංවිධානය කරණු ලැබූ මෙම ප‍්‍රසංග මාලාවේ මෙවර භාතිය හා සන්තුෂ් සමග උමාරියා විසින් වර්නවත් කරණ ලදී. මෙම ප‍්‍රසංගයෙන් ලැබෙන ආධාර සේවා හා සිවිල් පුද්ගලයින්ගේ නිවාස අවශ්‍ය තාවයන් හා අනෙකුත් සුභසාධන අවශ්‍ය තාවන් සදහා යොදා ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

මෙම අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය ගුවන් හමුදා  අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් ඇතුළු 1400 කට අධික පේ‍්‍රක්ෂක පිරිසක් සහභාගී විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.