පළමු ගුවන් බාලදක්ෂිකා කණ්ඩායම් ලාංජන පැලදීම

ගුවන්  බාලදක්ෂිකාවන් 33 දෙනෙකු හට නිළ ලාංජන පැළදවීමේ උත්සවයක් 2018 ජූනි මස 12 වන දින ශාන්ත ඈන් විද්‍යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයන් වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රධාන බාලදක්ෂ නිළධාරී ගෲප් කැප්ටන් ජේ ඒ පී එස්  ජයවර්ධන,  වත්තල හා ජාඇල දිස්ත‍්‍රික් බාලදක්ෂ කොමසාරිස් හර්ෂ ගීත් ගුරුගේ යන මහත්වරුන් සහභාගී විය.

ජාතික බාලදක්ෂ මූලස්ථානයේ විධායක කමිටු සභාපති කුමාරසිංහ පෙරේරා සහෝදර තුමන්, ශාන්ත ඈන් විද්‍යාලයේ විදුහල්පතිනි හිටපු බාලදක්ෂ නායිකා කාන්ති බී පෙරේරා සහෝදරිය, වත්තල ජාඇල දිස්ත‍්‍රික් සහකාර කොමසාරිස් දම්මි පි‍්‍රයංක, දිස්ත‍්‍රික් සහකාර කොමසාරිස් තිළිණ රාජපක්ෂ, දිස්ත‍්‍රික්  කොමසාරිස් ජනක යන මහත්ම මහත්මීන්ද කොළඹ 57 වන බාලදක්ෂ කන්ඩායම් නායක විංග් කමාන්ඩර් එල් එස් ආර් පාගොඩ,  මීගමුව පළවන බාලදක්ෂ කන්ඩායම් නායක ස්කොඩ්රන් ලීඩර් එච් එම් ආර් කේ පෙරේරා යන අයද මෙම අවස්ථාව සදහා සහභාගි විය.
 
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.