2018 ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ ජය ගුවන් හමුදාවට

10 වන ආරක්‍ෂක සේවා පාපැදි තරඟාවළියේ  කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය ජූනි මස 17 වන දින කටුනායකදී පවත්වන ලදී. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හා පිරිමි තරගකරුවන් රන් පදක්කම් 04 ක් ලබා ගැනීමට සමත්වූ අතර  කණ්ඩායම් ශූරතාවයද දිනාගැනීමට සමත් විය.

පිරිමි හා කාන්තා තරඟ කටුනායක 20 කණුව අසලින් ආරම්භ වූ අතර පිරමි තරඟය කි මී 140 ක් හා කාන්තා තරඟය කි මී 60 ක දුරකින් සමන්විත  විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප‍්‍රල් බුද්ධික වර්ණකුලසූරිය හා නායක ගුවන් කාන්තා පංචාලි සුලෝචනා විශේෂ දස්කම් දක්වමින් රන්පදක්කම් ලබා ගත්තේය. ගුවන් හමුදා සැරයන් කණ්ඩායමේ ජීවන් ජයසිංහ හා නාවික හමුදාවේ බල නැවි ජනක හේමන්ත කුමාර පිලිවෙලින් පිරිමි තරඟයේ දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගන්නා ලදී. නාවික හමුදාවේ අයේශා මදුශානි යුධ හමුදාවේ යූ කුමාරසිංහ පිළිවලින් කාන්තා තරඟයේ දෙවන හා තෙවන ස්ථාන දිනාගන්නා ලදී.

මෙම ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂ ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් පී ඩී කේ ටී ජයසිංහ සහභාගී වූ අතර  ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් හා සිසු නිළයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.