ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 9 වන සංවත්සරය සමරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ගුවන් හමුදා ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 9 වන සංවත්සරය පසුගිය 2018 ජූනි මස 20 වන දින සමරන ලදී.

අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන් ගමගේ විසින් අධීක්‍ෂණය කරන ලද සංවත්සර දින පෙළපාලියකින් සංවත්සර දින සැමරුම් වැඩසටහන ආරම්භ වූ අතර පක්‍ෂාංගයේ සියළුම සාමාජිකයින්ට සහ සමස්ථ ගුවන් හමුදාවටම සෙත් පතා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් ද පවත්වන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් රවීන්ද්‍ර ලියනගමගේ, ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.