ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ තේමා ගීතය එළිදකියි...

2010 ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල වෙනුවෙන් සැකසු තේමා ගීතය ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ගේ ප්‍රධානත්වයෙන් එලිදක්වන ලදී.

ගුවන් හමුදාපතිතුමාගේ සංකල්පයක් මත බිහිඋනු "යමු යමු පෙරටම" දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වු "සෙන්ටිග්‍රේඩ්ස්" සහ ප්‍රවීන ගායන ශිල්පිණී සංජීවනි වීරසිංහ මෙම ගීතය ගායනා කරන අතර සුනෙත් රූපසිංහ විසින් පදමාලා සකසන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පී.බී ප්‍රේමචන්ද්‍ර, උප මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් එච්.ඩී අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ත්‍රිවිද හමුදාවන්හි උසස් නිළධාරීන් සහ සෙසු නිලයන්, "සෙන්ටිග්‍රේඩ්ස්" සංගීත කණ්ඩායම, ගායන ශිල්පිණී සංජීවනි වීරසිංහ සහ සුනෙත් රූපසිංහ මෙම අවස්ථාවට සහභාගී විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.