මුලතිව් ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය සිය 04 වන සංවත්සරය සමරයි

මුලතිව් ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානය සිය 04 වන සංවත්සරය සමරමින් දේශය වෙනුවෙන් දිවි පිදූ සියළුම ශ‍්‍රි ලංකා ගුවන් හමුදා විරුවන් සිහිකරමින් සහ ගුවන් හමුදා මුලතිව් කදවුරේ සියළුම සාමාජිකයන්ට සෙත්පතා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් 2018 ජූනි මස 22 වන දින මුලතිව් ගුවන් හමුදා කදවුරේදී පවත්වන ලදී.

පසුදින ස්වාමීන්වහන්සේලා 12නමක් විෂයෙහි සංඝගත දක්‍සිනාවක්ද පුහුනු මධ්‍යස්ථාන පරිශ‍්‍රයේදී පවත්වන ලදී. ගුවන් හමුදා මුලතිව් කඬවුරේ නිළධාරීන්, සෙසු නිළයන්, පුහුණුවන්නන් සහ සිවිකල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.