ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් හට තම පවුල්වල සාමාජිකයින් සමග බුද්ධගයාවේ වන්දනාවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 03 දෙනෙකු සහ සෙස නිළයන් 16 දෙනෙකුගෙන් සමන්විත 19 දෙනෙකු ඇතුළුව ත‍්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් සහ පවුල්වල සාමාජිකයින් 160 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් තම ජීවිතයේ ප‍්‍රථම වතාවට ඉන්දියාවේ බුද්ධගයාව වන්දනා කිරීමේ සංචාරයක් සදහා 2018 ජූනි මස 24 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව සංවිධානය කරන ලද මෙම සංචාරය මගින් සංචාරකයින් හට දින තුනක් පුරා බුද්ධගයාව ඇතුළු ඉන්දියාවේ පෞරානික ස්ථාන කිහිපයක් නැරඹිමේ අවස්ථාව හිමිකරදෙයි. මෙම සංචාරය සදහා ඉන්දීය යුධ හමුදා ප‍්‍රධානී කාර්යාලය මගින් නාවතැන් පහසුකම් ආහාර පාන සහ ගමනාගමන පහසුකම් සලසනු ලබයි.

සංචාරක කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අවස්ථාව සදහා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානනායක සහ ශී‍්‍ර ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ටරන්ජිත් සිං සිධු ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් සමග සහභාගී විය

මෙම සංචාරය සදහා සංචාරකයින් ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා රැුගෙන යාම ඉන්දියන් ගුවන් හමුදාවට අයත් සී - 17 පධ‍්‍රවාහන ගුවන් යානාව මගින් සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.