අන්තර් ඒකක වෙඩි තැබීමේ තරඟාවළිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක වෙඩි තැඉබීමේ තරඟාවළිය පසුගිය 2018 ජූනි මස 26 වන දින අම්පාර ගුවන් හමුදා වෙඩි පිටියේදී නිමාවට පත්විය. එහිදී මොරවැව ගුවන් හමුදා කඳවුරු සහ අම්පාර ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල කාන්තා පිරිමි දෙඅංශයේම අනුශූරතාවය දිනාගන්නා ලදී.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා වෙඩි තැබීමේ ක‍්‍රීඩා සංගම් සභාපති එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඒකල පිරිමි ශූරතාවය
පළමුවන ස්ථානය  -  නායක ගුවන් භට කරුණාතිලක ඒඩබ්ආර්ඩී (දියතලාව සටන් පුහුණු පාසල)
දෙවනවන ස්ථානය  -  කෝප‍්‍රල් වික‍්‍රමසිංහ (මොරවැව ගුවන් හමුදා කඳවුර)
තුන්වන ස්ථානය  -  නායක ගුවන් භට වික‍්‍රමනායක එච්එම් කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තුව)

ඒකල කාන්තා ශූරතාවය
පළමුවන ස්ථානය  -  නායක ගුවන් කාන්තා මධුමාලි ඩබ්එච්එම්පී (දියතලාව සටන් පුහුණු පාසල)
දෙවනවන ස්ථානය  -  නායක ගුවන් කාන්තා සන්ධ්‍යාකුමාරි එම්ඒආර්පී (අම්පාර ගුවන් හමුදා කඳවුර)
තුන්වන ස්ථානය  -  නායක ගුවන් කාන්තා ධර්මරත්න ඩීඑම්එල්පී (අම්පාර ගුවන් හමුදා කඳවුර)

දක්‍ෂතම නිළධාරියා
ෆ්ලයිං ඔෆිසර් ඩීඑම්සීඒකේ බණ්ඩාරනායක (මොරවැව ගුවන් හමුදා කඳවුර)



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.