ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවලිය දිනා ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් යුධ හමුදා දැල් පන්දු ක්‍රීඩිකාවන් අභිබවා යමින් ආරක්ෂක සේවා දැල් පන්දු ශුරතාවය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගනයේදී ජයග්‍රහනය කරන ලදී.

දෙපිලම කරට කර තරග වැදුනු අතර ඉතාමත් තියුනු තරගයක් දැක බලා ගැනීමට පැමින සිටි සිටි ප්‍රේක්ෂකයින්ට හැකි විය.

තරගය පුරාවටම දෙපිලෙහිම ලකුණු තත්වය සම සමව ඉදිරියට ගෙන ආවද, අවසන් මිනිත්තු කීපයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තම දක්ෂතා පෙන්වමින් තරගය ලකුනු 04 ජයග්‍රහනය කිරීමට සමත් විය.

සැම කාර්තුවක් අවසානයේදීම ලකුණු තත්වය මෙසේය

ගුවන් හමුදාව - 10
යුධ හමුදාව - 09

ගුවන් හමුදාව - 19
යුධ හමුදාව - 19

ගුවන් හමුදාව - 31
යුධ හමුදාව - 30

ගුවන් හමුදාව - 43
යුධ හමුදාව - 39

ගුවන් කාන්තා ජයසූරිය සී.ඩබ්.එස් දැල්පන්දු රැජින ලෙස කිරුළු පැලදූ පලදින ලදී.
යුධ හමුදාවේ බලලත් නිලධාරී ඩී. එන් දසාදිකා හා ගුවන් හමුදාවේ දම්මීකා
ඩ්බ්.එම්.එන් පිළිවෙලින් හොදම විදින්නිය හා හොදම ආරක්ෂිකාව ලෙස නම් කරන ලදී.

දැල්පන්දු සංගමයේ සභාපතිනි ලේෂා ද සිල්වා මහත්මිය ප්‍රධාන ආරධිත අමුත්තිය ලෙස සහභාගි වූ අතර ආරක්ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා ද මේ අවස්ථාවට සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.