දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අළුතින් ඉදිකරන ලද කඳවුර තුලවාසී නිළධාරී නව නිවස්න සංකීර්ණය සහ ස්ටැබල් හිල් නිවාඩු නිකේතනය විවෘත කෙරේ

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අළුතින් ඉදිකරන ලද කඳවුර තුලවාසී නිළධධාරී නව නිවස්න සංකීර්ණය  සහ ස්ටැබල් හිල් නිවාඩු නිකේතනය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 ජූනි මස 28 වන දින සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.

 දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී ප‍්‍රනාන්දු ගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය නිමකරන ලදී.

කාමර 04 කින් යුතු ස්ටැබල් හිල් නිවාඩු නිකේතනය  ඩයලොග් ටීවී පහසුකම්, සුව පහසු ඇදන්, උණු වතුර පහසුකම් ආදී පහසුකම් රැසකින් සමන්විත වේ.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙන්ම ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ.

තුලවාසී නිළධධාරී  නිවස්න සංකීර්ණය 




ස්ටැබල් හිල් නිවාඩු නිකේතනය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.