ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලික භාෂිතය එලිදැක්වීම ගුවන් හමුදා මූලස්ථානයේදී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සදහා  අවශ්‍යතාවක්ව තිබූ  ගුවන් හමුදා මූලික භාෂිතය එළිදැක්වීමේ වැඩසටහනක් ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලසථානයේදී ජූලිි මස 02 වන දින සිදුකරණ ලදී. එහි මුල් පිටපත් ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් වෙත පිරිනැමීම ගුවන් හමුදාධිපති  තුමන් අතින් සිදුකරන ලදී.

මෙම භාෂිතය ගුවන් හමුදාවේ සියළුම අංගයන්ගෙන් සමන්විත වන අතර ගුවන් හමුදාවේ දැක්ම ආචාර ධර්ම සංවිධානය සහ භූමිකාව අවබෝධ කර ගැනීමට අවශ්‍ය සියළු කටයුතු පහසු කරවනු ඇත. ගුවන් හමුදාවේ සියළුම ප‍්‍රධාන අංශවල  ක‍්‍රියා කාරකම් සහ උගත් පාඩම් ද මේ සඳහා ඇතුළත් වේ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.