ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවය 2018

පසුගිය ජූනි මස 03, 04 හා 05 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා මූලික කදවුරු ගෘහස්ථ  කි‍්‍රඩාගාරයේදී පැවති 2018 ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවය දිනා ගැනිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හා කාන්තා කන්ඩායම් සමත් විය.

මෙහිදී පිරිමි කන්ඩායම රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 02 හා ලෝකඩ පදක්කම් 03 තම දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා කන්ඩායම රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 04 හා ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගන්නා ලදී. හොදම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ගුවන් හමුදාවේ නායක ගුවන් භට තිලකරත්න ඩී ටී එල් සමත් විය.

මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගොඩබිම් ආරක්ෂක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු සහභාගී වූ අතර ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම් කේ කේ සමරසිංහ මහතා ඇතුළු ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.