සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ 2018 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 ජූලි මස 07 වන දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩී එස්ඩී බී අල්විස් විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළගන්නා ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණය කරන ලද අතර පරීක්‍ෂණය අවසානයේ සියළු නිළයන් අමතන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධීපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම පිළිබඳව මෙන්ම ගුවන් හමුදාවේ සහ කඳවුරේ අභිවෘද්ධීය වෙනුවෙන් කැපවීමෙන් ක‍්‍රියාකරන සියළුම දෙනා හට සුභ පැතීමද සිදු කරන ලදී.

මෙහිදී  සිවිල් සේවක ජී ජී ක‍්‍රිෂාන්ත රත්නායක මහතා ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම්  ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.