10 වන ආරක්‍ෂක සේවා කැරම් ශුරතාවය 2018

10 වන ආරක්‍ෂක සේවා කැරම් තරඟාවලියේ අවසන් තරගයේදී යුධ හමුදා කාන්තා කණ්ඩායම පරදවමින් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ශුරතාවය හිමි කර ගැනීමට සමත් වූ අතර ගුවන් හමුදා පිරිමි කණ්ඩායම පිරිමි අංශයේ අනුශූරතාවය හිමි කර ගැනීමට සමත්විය. අවසන් මහා තරඟය 2018 ජූලි මස 12 දින පනාගොඩ යුධ හමුදා කදවුරේදී පවත්වන ලදි.

මෙම තරඟාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා යුධ හමුදාවෙි ප‍්‍රධාන සංඥා නිළධාරී මේජ ජෙනරාල් එන් එම් හෙට්ටිආරච්චි සහභාගී වූ අතර ගුවන් හමුදා කැරම් සම්මේලනයේ සභාපති විංග් කමාන්ඩර් ටී ඒ ගුණවර්ධන මහතා ඇතුලු ති‍්‍රවිධ හමුදා නිළධාරීන් සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.